Wednesday, August 17, 2011

'කටාර් රාජ්‍යයටත්' සුපර් ස්ටාර් ගායනා තරගාවලියක්.

ඔන්න අපි රාජකාරිය කරන 'කටාර් රාජ්‍යයටත්' සුපර් ස්ටාර් ගායනා තරගාවලියක් සංවිදානය වෙලා. මෙය නම් වෙලා තිබෙන්නේ දෝහා කටාර් එස්.එස්.සී සුපර් ස්ටාර් නමිනුයි.

මෙහි සියලුම සංවිදාන කටයුතු සංවිදානය කරනුයේ එස්.එස්.සී වක්‍රා ක්‍රීඩා සමාජයයි.

සියලු මූලික තරග ශ්‍රී ලංකා කටාර් තානාදිපති කාර්යාල පරීශ්‍රයේ පැවැත්වේ. මෙහි මුලික වටයේ තරගය ජුලි 22 දින ආරම්භ විය. ඉන් අනතුරුව සෑම සිකුරාදා දිනකම දහවල් 02 ට මෙම හඬ පරීක්ෂණ කටයුතු නොකඩවා පූර්ණ විනිශ්චය මණ්ඩලයක් යටතේ විදිමත්ව සිදුවේ.

මමත් ඇතුළුව තරග කරුවන් 49 දෙනෙක් පළමු දිනයේ මෙම සුපිරි තරු ගායන තරඟයට සහභාගී වී සිටියා.

දැන් සැවොම නොඉවසිල්ලෙන් සිටින්නේ තරග කරුවන්ගේ නම් ලබන සතියේ ලංකාදීප මැදපෙරදිග පුවත් පතෙහි පලකරන තුරුයි.


ඉතින් සැමටම සුභ පතමින් නැවතත් මේ ගායනා තරඟය හා සබැඳි ලිපියක් පලකරන අටියෙන් අදට ඔබෙන් සමු ගනිමු.

සැමට තෙරුවන් සරණයි!.


(මේ මාහැඟි බාර දූර කර්තව්‍ය බර කරට ගෙන සංවිදානය කරනු ලබන එස්.එස්.සී වක්‍රා ක්‍රීඩා සමාජයට,ශ්‍රී ලංකා කටාර් තානාදිපති පති තුමා ඇතුළුව කාර්ය මණ්ඩලයට, ලස්සන මුල් කවර පින්තුරයක් සකසා දීපු කරුණ ප්‍රේම ලාල් සහෝදරයා, ඇතුළු නන් අයුරින් සහයෝගය දුන් සැමට මාගේ හර්දයාංගම ස්තුතිය මෙසේ පිරිනමමි. )


ඔබේ අදහස් ඉතා අගය කොට සලකමි.